Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / මායාපුර දේවි කුමරිය

මායාපුර දේවි කුමරිය

About this book

විහාර මහා දේවිය මෙරට ඉතිහාසය බබළවන ප්‍රෞඪ අභිමානවත් රැජිනියකි. රටක දේශයක රාජාභිමානයේ ප්‍රතාපවත් ස්වරූපය ඉතිහාසයට හඳුන්වා දුන් දුටුගැමුණු මහා රජාණන්ගේත්, දුර දක්නා නුවණින් ගොවිතැන් බත් සශ්‍රීක කළ ගොවි රජෙක් වූ සද්ධාතිස්ස මහා රජාණන්ගේත්, උදාර මාතාව දේවි රැජිනියයි. එහෙත් බිනේන්ද්‍රි පෙරේරා ලේඛිකාව අප වෙත රැගෙන එන්නේ ඒ අභිමානවත් උදාර මාතාවගේ කතාව නොවේ. යොවුන් රාජකීය දියණියක ලෙස මව් පිය දෙදෙනාට දැක්වූ අසීමිත ගෞරවයත්, රටවැසියා මහත් ව්‍යසනයකින් මුදා ගැනීමට ප්‍රාණය දෙවැනි කොට දැක්වූ නිර්භීත ජීවිත පරිත්‍යාගයත් පාඨක සිත් කම්පාවට පත් කරන අයුරින් ඇය තම ලේඛන වියමන සකස් කරන්නීය.

ඉනුත් නොනැවතුණ මේ තරුණ ලේඛිකාව දේවි කුමරියගේ සහ කාවන්තිස්ස රජුගේ ප්‍රේමය සොඳුරු ස්නේහයක ගැඹුරු ශිෂ්ට සම්පන්න පැවැත්මක් සේ පෝෂණය කර ඇත. මේ රාජකීය යුවළ උනුන් කෙරෙහි දැක්වූ ගෞරවය හා විශ්වාසය වියත් බසකින් රමණීය කර ඇත. එය ඇගේ ප්‍රතිභාවට සහ කුසලතාවට කදිම නිදසුනකි.

සෝමා ජයකොඩි

ISBN
9789556779080
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායාපුර දේවි කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.