Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මායාවේ නගරය

මායාවේ නගරය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කුඩා ෆිලිප් තනි වන්නේ තම එකම ඥාතියා වූ වැඩිමල් සොයුරිය හෙලන් විවාහ වී මධුසමය ගත කිරීමට විදෙස් ගත වූ පසුය. ඔහුට කුඩා ලුසීගේ ඇසුර ප්‍රිය වන්නේ නැත. ඔහු නපුරු ආයා කෙනකුගේ හිරි හැර ඉවසමින් තම අතට හසුවන පොත්, ඉටිපන්දම් රඳවන, පිඟන් කෝප්ප ආදිය යොදා ගනිමින් නගරයක අනුරුවක් තනයි. හදිසියේ ඔහුට වැටහෙන්නේ තමා එම නගරය ඇතුළත සිටින බවය. ඔහු ටින් සොල්දාදුවන්ගේ අත්අඩංගුවට පත් වෙයි. බිහිසුණු මකරකු වෙතින් දැරියක බේරාගැනීමේ කාර්යය ඔහුට පැවරෙයි. රාජාලි හිසක් සහිත අශ්වයා පිට පැමිණෙන විනාශකාරී කාන්තාව කවරෙක්ද? ඔහු බිහිසුණු සිංහයන්ගෙන් මුහුදු වාසීන් බේරාගන්නේ කෙසේද? අමුතු ආකාරයක නැව තනන්නට නෝවාගේ උපකාර කුඩා ෆිලිප්ට ලැබේවිද?
ISBN
9789557011691
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායාවේ නගරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.