Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මේ වසන්තයයි

මේ වසන්තයයි

About this book
වැහි වළාකුළු අතරින් යන්තමින් හිරු එළිය කාන්දු වෙන එක ලස්සන හැන්දෑ වරුවක මහවැලි ගඟට උඩින් ලස්සන දේදුන්නක් පායලා තිබුණා. දේදුන්නේ පාට හයයි කියලා මම කියද්දී මම වැරදි කියලා කිව්වෙත් ඒ පාට හත මොනවද කියලා මට මුලින්ම කියා දුන්නෙත් ඔයා. මහවැලි ගඟේ පතුල හරි සීතලයි කියලා මට කිව්වෙත් ඔයා දන්නේ කොහොම ද කියලා මං අහද්දී ඇස් දෙක පුංචි කර ගෙන දඟකාරකමට හිනා වුනෙත් ඔයා....ගඟට උඩින් කොක්කු රෑන් පියාඹන කොට බටහිර අහස පින්සලකින් තැවරුවා වගේ රෝස පාට තැඹිලි පාට රත්තරන් පාට වුනු අහස දිහා බලාගෙන පුංචි පුංචි හිටිවන කවි කිව්වෙත් ඔයා.... ඔයා කියලා දුන්න මුතු කුමාරිගෙ කතාවේ මුතු කුමාරිට අන්තිමට වුනේ මොකක්ද කියලා අහන්න මං මුළු ජීවිත කාලයම ඔයාව හෙව්වා. ඒත් කවමදාවත් ඔයාවත් ඔයාගෙ ලස්සන හිතවත් මට හොයා ගන්න බැරි වුනා. ඒ කතාවේ ඔයාට කියා ගන්න බැරි වුනු කොටස ලියන්න ඕන කියලා මං හිතුවේ ඒ මගේ කතාව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්ඒක අපේ කතාව වෙන්නත් පුළුවන්.
ISBN
9789555410731
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ වසන්තයයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.