Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මිහිවට දේවදූතයන්ගේ නගරය

මිහිවට දේවදූතයන්ගේ නගරය

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්‍යෝගයකි. ඈ, සේයාදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ග්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයාදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි.

එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ.

කිසිවෙකු හෝ විසින් සේයාදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාලවැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීගේ හොඳම මිතුරා, සයිමන් සිටියේ ඇයට උපකාර කළ හැකි මට්ටමක නොවේ. ඔහු වැම්පයරයෙකු බව ඔහුගේ අම්මාට අනාවරණය වී තිබුණෙන්, ඔහුට දැන් උන්හිටිතැන් පවා අහිමිව ගොසිනි. ඒ සියල්ල අතරේ ජේස් හේතුවක් නොකියාම ඇගෙන් දුරස්වන්නට ගත් විට ක්ලැරීට සිදුවූයේ අබිරහසේ සුලමුල සොයා එහි පත්ලටම කිමිදෙන්නටය. නමුත් ඇයට සොයාගන්නට ලැබෙන්නේ දුස්-ස්වප්නයක් වන් යමකි: ඇය විසින්ම අරඹනු ලැබ තිබූ ඒ බිහිසුණු සිදුවීම් දාමයේ අවසන, ඇයට ඈ ආදරය කරන සියල්ල අහිමි විය හැකිය, ජේස්ව පවා.

ISBN
9786245579921
පිටු ගණන (Pages)
465
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිහිවට දේවදූතයන්ගේ නගරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.