සැඟවුණු ජීවිත
About this book
'මගේ බිරිඳ, සිසිලියා ෆිස්පැට්‍රික් වෙත, මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’
ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,සිසිලියා ෆිස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.
ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු, සියල්ල වෙනස් විය.
ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය. නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
ඇගේ තේරීම කුමක් විය හැකිද?
Details
ISBN
9786246570569
පිටු ගණන (Pages)
467
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review