Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිත්තා

මිත්තා

About this book

"මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යාගයක් කොයින්ද?”

දේවානම්පියතිස්ස රජතුමා

"මිහිඳු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා.”

- මිත්තා

"උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළඟ ළඟම එන නිසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.

කරි අම්මණ්ඩි

"අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීග ආවා මිසක් කැමති නෑ කැමති නෑ කියලා මහ පොළවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළඟ තිබුනෙ නෑ නෙව.”

- චේතියා

මා මුලින්ම දකිද්දී වැව අද්දර පිපී තිබුණ සුන්දර නෙළුම් පොහොට්ටුව දැන් විකසිතව තිබෙනවා. බොහෝ දෙනෙක් විමසනවා කොහෙන්ද මේ සුන්දර මල සොයාගත්තේ කියලා.”

- පණ්ඩු

"සමහරවිට ජීවිතයේ කවදා හරි මට පැවිදි වෙන්ඩ හිතේව්. ඒත් එහෙම වුණොත් වෙන්නෙ උඹත් මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ පදයක් ඇහුවට පස්සෙයි චේතියා.”

ගෝම්

"මං ආයෙ දඩමස් කන්නෙ නෑ. උඹලා කන්ඩත් එපා. අපි රහ කර කර කෑවට එව්වා සත්තුන්ගෙ ජීවිත නේද කියලා දැන් තමා තේරෙන්නෙ.”

- අත්තප්පා

මාතර සුජාතා බාළිකා විද්‍යාලයෙන් සිප්සතර ලබා විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයේ නියුතුව සිටි ප්‍රියංකා අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියකි. "මිහිර” ළමා පුවත්පතට අවුරුදු 10 දී කවි නිර්මාණ ලියා ලේඛන කලාවට අත්පොත් තැබූ ප්‍රියංකා අමරතුංග, 1991 දී "බොල්වී අහුරු” නවකතාවෙන් නවකතාකරණයට පිවිසි අතර නවලිය, රැජිණ, තරුණී යන ජාතික කාන්තා පුවත් පත් සඳහා සහ සිළුමිණ, රිවිර ඉරිදා ජාතික පුවත්පත් සඳහාද සිය නවකතා වලින් දායක වී ඇත.

විද්‍යා ගණිත ගුරුවරියක ලෙස සේවය කර දැනට ගුරු ජීවිතයෙන් විශ්‍රාම ලබා සිටින ප්‍රියංකා අමරතුංග සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතා කරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහාද දායක වී ඇත.

"මිත්තා" ඇයගේ අලුත්ම නවකතාවයි.

ISBN
9789553129253
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.