Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මුතු මණ්ඩපම්

මුතු මණ්ඩපම්

About this book

"නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”

මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.

"එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු”

"සැබෑමයි.”

ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.

"නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”

"කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.”

"විටෙක ඔබ ද කුඩා දැරියක් මෙනි දේවිය... ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”

"නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

බිඳුණු සඳ පහනෙන් - වෑහෙන සඳ දියර

කිරි මුහුදට වැටී - සිනාසෙන අපුරුව...

පෙම්බරාණනි...

දෑත් පටලා ගෙන - යන්න ඇතිනම් නැවත

අප මිහිරි මතක පිරි - සෙංකඩගල පුරට..

ISBN
9789553130396
පිටු ගණන (Pages)
334
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුතු මණ්ඩපම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.