මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව
මොසාඩය ප්‍රථම වතාවට වික්ටර් ඔස්ත්‍රොව්ස්කි කැඳවූයේ කිඩෝන් නමැති ඔවුන්ගේ ඝාතක කණ්ඩායමට බඳවා ගැනීමට ය. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. දෙවනුව කැඳවූ අවස්ථාවේ දී, තුන් අවුරුදු බැරෑරුම් පුහුණු පාඨමාලාවකට ඇතුළත් වී පුරාවෘත්තගත ඊශ්‍රායල රහස් ඔත්තු සේවයේ කට්සාවරයකු හෙවත් ඔත්තු සේවා බුද්ධි නිලධාරියකු (intelligence case officer) බවට පත්වීමට ඔහු කැමැති විය.By Way of Deception වූකලී මොසාඩ් සංවිධානය තුළ ඔහු ලද පුපුරායනසුලු අත්දැකීම් සමුදායේ කතාව මෙන්ම ලෝකය පුරා ඔවුන් සිදුකළ රහසිගත නිර්දය ක්‍රියාකාරකම් හා සටන් පිළිබඳව අවුරුදු දෙකක කතාන්දරයයි. එය මොසාඩ් උපාය උපක්‍රම පිළිබඳව ගැඹුරට විනිවිද ගිය අභ්‍යන්තර සාමාජිකයකුගේ හෙළිදරව්වකි.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ එක්තරා යුගයක අපගේ දේශපාලන සහ ආර්ථික ගමන් මග සදහටම වෙනස් කිරීම සඳහා මොසාඩ් සංවිධානය කෙතරම් බලපෑම්සහගත කාර්යභාරයක් ඉටු කළේ ද යන්න පිළිබඳව ද මෙහි දී වික්ටර් ඔස්ත්‍රොව්ස්කි පැහැදිලි කරයි. එනයින් මෙම ග්‍රන්ථය, අප මේ වනවිට දැන සිටින මෙන්ම අපට උගන්වනු ලැබ තිබෙන ඉතිහාසයේ කොටසක් නිර්දය ලෙස වෙනස් කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.