Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නදීතෙර කුංචනාදය

නදීතෙර කුංචනාදය

About this book

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජිවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නව කථාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි. 

කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසූවේ වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහා ඔහු කළේ තමන් උපන් බිමෙන් ඉතා ඈත් වූ ත්‍රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම ය. දෙතුන් දෙනෙකු එකතුව කළ මේ ජිවිත සටනෙහි ඉතා වැදගත් ප්‍රතිඵලය වූයේ කැමිලස් පරිසරවේදියකු වීම ය. වන සෞන්දර්ය ගවේශකයකු වීමය. "නදීතෙර කුංච නාදය" එහි ප්‍රතිඵලයකි. 

වන දිවිය අළලා මෙබඳු කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා ඔහුට ආශාවක් ඇති වූයේ එම අත්දැකීම් සම්භාරය ස්වකීය ජනතාව අතරට ද බෙදා දීමේ වැදගත්කම පිළිබඳ සංකල්පයයි. තමන් උපන් බිමෙහි ඓතිහාසික හා පාරිසරික සම්පත් දැන හඳුනාගෙන එම තොරතුරු අන්‍යයන්ගේ දැන ගැනීම සඳහා හෙළි කිරීමට වෑයම් කර ඇත්තේ ඉතා ටික දෙනෙකි. මෙය දියුණු විය යුතු සාහිත්‍යාංගයෙකි. එමඟින් තුරුලතා කෙරෙහි මෙන් ම වනසතුන් කෙරෙහි ද ආදරයක් සැලැකිල්ලක් දක්වන්නට ජනතාව තුළ ඇති කරන ආකල්ප බෙහෙවින් වැඩ දායක ය. 

මානව ප්‍රේමය, සත්ත්ව කරුණාව, පරිසර දයාව මිනිසුන් තුළ මිනිස්කම සඳහා වගා විය යුතු ගුණාංග වෙයි. මෙබඳු පොත පතින් එහි ලා සිදුවන මෙහෙය මහඟු ය. 

කැමිලස් වනිගසූරිය දශකයකටත් අධික කාලයක් තුළ විවිධ පුවත්පත් සඟරා වලට සෝමාවතී වනාන්තරයේ සෞන්දර්යාත්මක හා භූගෝලීය තත්ත්වය ගැන ලියූ ‍ලිපි ලේඛන රාශියක් වෙයි. 1985න් පසුව උතුරුකරයෙහි ඇති වූ අරගලකාරී තත්ත්වය නොවන්නට ඓතිහාසික වූත් පුරාවිද්‍යාත්මක වූත් ඉතා වැදගත් තොරතුරු රාශියක් ඔහුගෙන් අනාවරණය වන්නට තිබිණ. 

- මහාචාර්ය බන්දුසේන ගුණසේකර

Details
ISBN
9789556560130
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නදීතෙර කුංචනාදය

Reviews are published once a member of our team has read them.