Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නාඳුනන සුබපැතුම

නාඳුනන සුබපැතුම

About this book
“පරීක්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ දන්නේ නෑ. ඊළඟ සිදුවීමේදී තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියෙනවා” ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරීක්ෂාකාරීව සිටියේය.” මට මේ සිදුවීම්වල රටාවක් පේනවා.” -ගිනි පුපුරු “මේ ගැටලුව ලිහන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ” බිනරි කීවාය. “මේ ප්‍රහේලිකාවේ අපිට දැනට තියෙන්නේ උපකාරක පද දෙකයි.” මාර්ෂල් කීවේය. “පරණ පොලිස් චාරිකාවයි. මල්ලිකා කාරියකරවනගේ දිනපොතයි. මේ දෙකෙන් අපි උපරිමයෙන් කරුණු හොයාගන්න ඕනෙ වැඩේට බහින්න කලින්.” -වැළලි ගිය අභිරහස “වාහනේ ඇතුළේ මුකුත් සාක්ෂි තිබුණෙත් නෑ. බලමු මේක ඇතුළේවත් ඉතින්.” මාර්ෂල් කීවේය. පොලිස් කොස්තාපල්වරයා යකඩ කොක්ක වාහනයේ පසුපස විවරයට තබා වෙර යොදා පහළට තල්ලු කළේය. වැඩිවේලා නොගොස් එහි අගුල පිටතට පනින හඬ ඇසිණි. මාර්ෂල්ගේ මුහුණ දීප්තියෙන් බැබළෙන්නට විය. -හිරු සඳ Investments Pvt Ltd “සර් මොකද හිතන්නේ?” මනුජ දුරකථනය සාක්කුවේ රුවා ගනිමින් ඇසීය. “මේක මට හරිම මානසික වදයක් මනුජ” මේ සැකකාරයා මට නිකම් අත ළඟ ඉන්නවා වගෙත් දැනෙනවා. ඒ ගමන්ම ගවු ගානක් ඈතින් ඉන්නවා වගෙත් දැනෙනවා” මාර්ෂල් මඳ නොසන්සුන්තාවක් පෙන්වමින් අසුනින් නැගිට දෑත් සාක්කුවල රුවාගනිමින් ඔබ මොබ පිය මැන්නේය. -නාඳුනන සුබපැතුම
ISBN
9789553121097
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාඳුනන සුබපැතුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.