නාඳුනන සුබපැතුම

Special Price රු. 337.50 Regular Price රු. 375.00
In stock
SKU
nadunana-subapathuma-gimhan-sooriyabandara-sarasavi
Author ගිම්හාන් සුරියබණ්ඩාර - Gimhan Sooriyabandara (3)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
“පරීක්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ දන්නේ නෑ. ඊළඟ සිදුවීමේදී තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියෙනවා” ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරීක්ෂාකාරීව සිටියේය.” මට මේ සිදුවීම්වල රටාවක් පේනවා.” -ගිනි පුපුරු “මේ ගැටලුව ලිහන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ” බිනරි කීවාය. “මේ ප්‍රහේලිකාවේ අපිට දැනට තියෙන්නේ උපකාරක පද දෙකයි.” මාර්ෂල් කීවේය. “පරණ පොලිස් චාරිකාවයි. මල්ලිකා කාරියකරවනගේ දිනපොතයි. මේ දෙකෙන් අපි උපරිමයෙන් කරුණු හොයාගන්න ඕනෙ වැඩේට බහින්න කලින්.” -වැළලි ගිය අභිරහස “වාහනේ ඇතුළේ මුකුත් සාක්ෂි තිබුණෙත් නෑ. බලමු මේක ඇතුළේවත් ඉතින්.” මාර්ෂල් කීවේය. පොලිස් කොස්තාපල්වරයා යකඩ කොක්ක වාහනයේ පසුපස විවරයට තබා වෙර යොදා පහළට තල්ලු කළේය. වැඩිවේලා නොගොස් එහි අගුල පිටතට පනින හඬ ඇසිණි. මාර්ෂල්ගේ මුහුණ දීප්තියෙන් බැබළෙන්නට විය. -හිරු සඳ Investments Pvt Ltd “සර් මොකද හිතන්නේ?” මනුජ දුරකථනය සාක්කුවේ රුවා ගනිමින් ඇසීය. “මේක මට හරිම මානසික වදයක් මනුජ” මේ සැකකාරයා මට නිකම් අත ළඟ ඉන්නවා වගෙත් දැනෙනවා. ඒ ගමන්ම ගවු ගානක් ඈතින් ඉන්නවා වගෙත් දැනෙනවා” මාර්ෂල් මඳ නොසන්සුන්තාවක් පෙන්වමින් අසුනින් නැගිට දෑත් සාක්කුවල රුවාගනිමින් ඔබ මොබ පිය මැන්නේය. -නාඳුනන සුබපැතුම
More Information
ISBN 9789553121097
පිටු ගණන 208
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නාඳුනන සුබපැතුම
Back to Top