නාගල යාගය
අම්මාගේ හා අප්පච්චිගේ දෙනෙත්වලට කඳුළු ගැට එක් කළ තමා කුල පරම්පරාවේ නම්බුව දෝතට රැගෙන මහ රෑක පිටත්වුයේ සියලු පැතුම් ඔහු පිට පටවමිනි. ගිය දා පටන් අපායක් වූ කසාදයක උරුම කරුම දරාගත්තේ නූපන් දරුවාගේ හෙට දින ගැන සිතමිනි.
කුසට රසවත් ආහාරයක් නොවූ තැන, කයට සැපක් නොවූ තැන ගිනි ගහන අව්වේ කෙත් වතුවල පල නෙළන්නට ඇය නිවසින් පිටත අඩිය තිබ්බේ නම් දරා ගත නොහැකි කුසගින්නටවත් බත් උලක් නොවූ නිසාවෙනි.
ටීටර් නටා ගන්නා සියලු මුදල් රටේ සිටින අංගනාවන් ගත සැප කරන හෙතෙම කට ගොන්නක් බීගෙන විත් ඒ වැරහුණු කය මත වැතිරුණේ දහසකුත් එකක් ආඩපාලි පවසමිනි. සියල්ල තමා විඳගත යුතු වන්නේ මව් දෙමව්පියන්ට පිටුපා ගිය දීගෙක රස තමා තනියෙන් විඳගත යුතු තැනය.
අවසන ඇයට දරු දෙදෙනකු සමඟ දොට්ට බහින්නට සිදුවූයේ මෙතුවක් කල් වැටී සිටි පැල් කොටය පවා විකුණා දමන්නට ඔහු තමාට හොර රහසේ පිඹුරු පත් ඇද තිබූ බැවිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.