රසිනුදුල
About this book
"අ..මි..බ..පා..ලි.."
මහා උසකින් බිමට වැටෙද්දී දැනෙන හැඟීමක් සමඟ මුව ගොළු වූයේ ඉබේමය. ඒත් සමඟම අර්ධ මිනිස් කයක් පමණක් හිමි, කිරුළක් හිස පැළඳි තරුණයා දියබෙරලිය මල් මිටක් ගෙන තමා දුටු පෙර කී යුවතිය සමඟ චෛත්‍යයක් වන්දනා කරන අයුරු ඔහු දුටුවේය. තමා දැන් ජීවිතය හැර ගොස් ඇති බව ඉඳුරාම විශ්වාසය. මරණය නම් එසේ වන්නට ඇත. එය දන්නේ අත්විඳි අයෙකු පමණි. එය මෙලෙස වූවායි විස්තර කරන්නට නොහැකිය.
ශරීරයට දැනුණේ පුදුමාකාර නිස්කලංක බවකි. හදවතේ සියලු බැමි නිදහස් වූ සෙයකි. තමාට දැනුණු පුදුමාකාර සැහැල්ලුව අත් විඳිමින්ම ජනිල් දෙනෙත් හැරියේය. නාසයට දැනුණේ අපූර්ව වූ මල් සුවඳකි. තමා සිටින්නේ එක්කෝ පුනර්ජීවයක් ලබාද? නැතිනම්...?
Details
ISBN
9786246178116
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review