නාගරාජ්ගේ ලෝකය
නාගරාජ්ගේ ලෝකය නිස්කලංකය. සුව පහසුය. මාපිය උරුමයෙන් ලද නිවසේ බිරිඳ සීතා සමඟ පාඩුවේ වෙසෙන ඔහුගේ අවශ්‍යතා සරල වුවත් පරිකල්පනය අපරිමිතය.
ඔහුගේ අලස සුවය බිඳ වැටෙන්නේ හිතුවක්කාර ඥාති පුතු ටිම්, ඔවුන් සමඟ ජීවත් වන්නට පැමිණි දා සිටය. මේ නිසා උදාවන සංකීර්ණ ගැටලු නිසා නාගරාජ්ගේ සන්සුන් ලෝකය දෙදරා යයි.
මේ නවකතාව පුරාම නාරායන්ගේ සුවිශේෂ ප්‍රතිභාව සියුම් චලනයක යෙදෙයි. මල්ගුඩි හි චරිත සහ ජීවිත මනුෂ්‍ය ස්වභාවය මැනැවින් නියෝජනය කරයි. ඉන්දියාවේ සිදුවන දෑ මල්ගුඩිහි දී සිදුවන්නේය. මල් ගුඩිහි සිදුවන දෑ සෑම තැනකම නිබඳ සිදු වන්නේය.
ටයිම්ස් ලිටරරි සප්ලිමන්ට් - ලන්ඩන්
නාරායන්ගේ මනසේ පරිකල්පනය වූ දකුණු ඉන්දියානු කුඩා නගරය - මල්ගුඩි සමස්ත ලෝකයටම ඉන්දියාව ප්‍රදර්ශනය කොට ඇත්තේ අන් කිසිම ලේඛනයකින් කර නොමැති අන්දමින්ය.
- ඇන්තනී කවායිට් -
නාරායන් අපූරු ඉන්ද්‍රජාලිකයෙකි. නාගරාජ්ගේ ලෝකය වනාහී වැලි කැටයක් තුළ ඇති ලෝකයකි.
ඈන් ස්මිත් -ලිටරරි රිවීච්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.