Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / නපුරු කැටපෝලය

නපුරු කැටපෝලය

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

වනවදුලේ තුරු පියසේ දඟ කරන්න

හිතු හැටියේ මල් පිපෙද්දී හැඩ බලන්න

පාට පාට වලාකුලේ ඉගිල යන්න

ගලන ගලන දොළපාරට සෙනෙහෙ දෙන්න

 

මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න

 

මල් පෙතිවල පාට හුඟක් හැඩ වුණාට

මලින් මලට පැණි පුරද්දී බය වුණාද

පැණි කුරුල්ලනේ පොඩි යාළුවනේ

මට ආදරෙයි ද

පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයි ද?

 

මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න

 

දණ්ඩි පැටව් තිත්ත පැටව් පීනන කොට

නම නොදන්න මාළු රෑන් එක පොදියට

පොඩි මාළුවනේ මගේ යාළුවනේ

මට ආදරෙයි ද

පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයිද

 

මේක නපුරු කැටපෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ- අපි දුරින් ඉන්න...

ISBN
9786249753310
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නපුරු කැටපෝලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.