Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / නපුරු කැටපෝලය

නපුරු කැටපෝලය

About this book

වනවදුලේ තුරු පියසේ දඟ කරන්න

හිතු හැටියේ මල් පිපෙද්දී හැඩ බලන්න

පාට පාට වලාකුලේ ඉගිල යන්න

ගලන ගලන දොළපාරට සෙනෙහෙ දෙන්න

 

මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න

 

මල් පෙතිවල පාට හුඟක් හැඩ වුණාට

මලින් මලට පැණි පුරද්දී බය වුණාද

පැණි කුරුල්ලනේ පොඩි යාළුවනේ

මට ආදරෙයි ද

පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයි ද?

 

මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න

 

දණ්ඩි පැටව් තිත්ත පැටව් පීනන කොට

නම නොදන්න මාළු රෑන් එක පොදියට

පොඩි මාළුවනේ මගේ යාළුවනේ

මට ආදරෙයි ද

පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයිද

 

මේක නපුරු කැටපෝලේ - අපි වෙන් කරන්න

මේක කැතම කැටපෝලේ- අපි දුරින් ඉන්න...

ISBN
9786249753310
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නපුරු කැටපෝලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.