නපුරු නිළමේ 2
“ශෙනායා ආවේ මේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න පුතා. ගෑනුන්ට ඉවක් වැටුනම ඒක පස්සෙම පන්නනවා. ඒකනේ අපිට එයාලාගේ ඉව එක්ක, සැකය එක්ක හැරෙන්න බැරි. අපි වගේ නෙමේ මල්ටි ටාස්කින්. ශෙනායාත් එහෙමයි..”
තේනුක ඔහු කියූ දේ ගැන පුදුම වූයේ නැත. ඔහු ඒ බව දැනගත්තේ ඇයගේ දේපල දැනුම් දීම ගැන වූ ලියමන නිවසට අවුත් එය ශෙනායා අතට ලැබුනාටත් පසුවය. ඇය ඒ බව අනුරාධපුරයේදි විමසූ අයුරුත්, ඇයට එය කිසිවිටකත් අමතක නොවූ බවත් තේනුකට හොද හැටි මතකය.
“මට ඔය ලමයා හරි ආදරෙයි. ඉතින් පොඩි කාලේ දණින් වැටෙද්දි මන් දැක්ක චූටි කෙල්ල.. මගේ දරුවෙක් වගේ නේ පුතා. කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනා, පුතා මොනා කිව්වත් එයා මේ දේවල් ගැන හෙවිල්ලෙන් ඉන්නේ කියලා. තවත් දුවව මේ ප්‍රශ්න වල හිර කරන්න එපා. ඔයා දැන්ම මේ හැමදේම ඉවර කරන්න ඕන.”
බණ්ඩාර කීවේ තේනුකගේ පිටට තට්ටුවක් දමමිනි.
ඉදින් අහස් කුසට යන කළු වලාව දෙස බොහෝ වෙලා බලා හිඳ බණ්ඩාරත් තේනුකත් ආපසු එන්නට හැරිණ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.