Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෙතු පිය මත

නෙතු පිය මත

About this book

"අම්මා කිව්වා..මං බැන්දා..”

මම පවසන්නට නොසිතූ එවදන් ඊලඟ තත්පරයේදී මුවින් ගිලිහී තිබිණි. මොහොතකට අප අතර පැතිර ගියේ මා කැපුම් පුවරුව මත තියා කැරට් කපමින් උන් හඬ පමණය. යුග්ම එතෙක් අත්ලෙහි තබාගෙන උන් කැරට් කැබලි සියල්ලම යලි පිඟාන මතට අත්හැර දෑත් එකිනෙක පිසදැමුවේය. ඔහුගේ වත දෙස නොබැලු වද ඒ නෙත් කොතෙක් විපිලිසරව ඇද්දැයි මට නොහැඟුනා නොවේ. මා කැරට් කැපීම මොහොතකට නවතා දැමුවේ මාතින් පිහිය අත්හැරී යාදැයි බියෙනි. යුග්ම බිඳක් මවෙත ලංව මා අත වූ පිහියට අත්ල තැබුවේ ඊලග ඇසිල්ලෙහිය. නොදැනීම ඇති වූ මහා තිගැස්මකින් මම එසැනින් පිහිය අත්හලෙමි.

"ජීවිතේ තීරණ ගන්න ඕනි අරයට මෙයාට ඕනි විදියට නෙවෙයි මින්දූපා.. අපිට ඕහි විදියට. අපේ හිත කියන විදියට..”

මා අත්හල පිහිය ඒ අත්ලට මාරු වූයේත් ඔහුගේ මුවින් ඒ වදන් නික්මී ගියේත් එකම මොහොතකදීය. මම පලමුවරට නෙතු ඔසවා ඒ වත දෙස හරි කෙලින් බැලු වෙමි. එහෙත් යුග්ම කැරට් කපන්නට වූයේ මගෙන් මිදී ගිය නෙතින්ය. පුදුමය.. තවත් තත්පර කිහිපයක් යනතෙක්ම ඔහුගෙන් නෙත් ඉවතට ගන්නට මම අපොහොසත්ව උන්නෙමි. හදවතෙහි ඇතිව තිබුණේ පෙර කිසිදාක ඇති නොවූ සසැලීමක්ය. ඉතින් මෙතරම්ම සසැලී යන්නට තරමේ කාරණා ඔහු අසල වූයේ ඇයි.. විකසිතගේ විවාහක බිරිඳ වූ මා.. දසනායක නිවසෙහි ගරුත්වය සුරකින්නට බැඳී උන් සාඩම්බර ලේලිය වූ මා... යුග්මගේ නෙතුසර අබියස මෙතරම්ම සසැලෙන්නේ ඇයි..?

Details
ISBN
9786245558988
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නෙතු පිය මත

Reviews are published once a member of our team has read them.