Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේකුළු

මේකුළු

About this book

මා පළමුවරට මේ සෙවණ යටදී සඳැස්ව දුටුවේ මීට සිව්මසකට පමණ පෙරදීය. ඔහුව අහඹු ලෙස ආලින්දය මැදකදී දැකගන්නා තෙක්ම මම ඔහු තිදස් අයියාගේ සොහොයුරා යැයි දැන නොසිටියෙමි. අක්කාගේ ඉල්ලීම පරිදි තේ බන්දේසියද රැගෙන ආලින්දය වෙත පැමිණි මගේ දෙනෙත් ඒ රුවෙහි ගැටුණ පළමු තත්පරයේම අත්ලින් ඇරඹි තියුණු කම්පනයක් මුළු සිරුර පුරා දිව ගිය බැව් මට දැනී නොදැනී ගියේ අසුරු සැනෙකින්ය. ඉතින් එය දහඅට වියැති යුවතියකගේ මතකයක් සිව්විසි වියැති යුවතිකගේ හදවත කැළඹූ මොහොතකි. එහෙත් ඒ නිමේෂයේද ඔහු මා දෙස මන්දස්මිතයකින් වුව නොබැලූ බැව් මට මතකය. ඒ පිළිබඳව කිසිදු සොවක් නූපන් බැව් පැවසිය නොහැකි වූවද මා හසරැල්ලකින් ඔහුට තේ පිරිනැමූ බැව් මගේ මතක ගබඩාවේ නිදන්ගතව ඇත. එහෙත් සිනහවක් තබා බැල්මක්වත් මවෙත පුදන්නට කාරුණික නොවූ ඔහු එදින නිවසින් පිටව ගියේ මා වැනි ජීවියෙකු ඔහුගේ දර්ශන පථයෙහි සටහන් වූවාදැයි සැක සිතෙන තරම් නොවැදගත් ලෙස මා නොසලකා හරිමිනි. ඒ රැයේ මම අනාථයෙකු වීමේ සොවින් හැඬුවෙමි. මියගිය තාත්තා සිහිකොට සුසුම් හෙළුවෙමි. එහෙත් පසුදා යළිත් හසරැල්ලකින් අවදි වූ මා රැයේ දුටු සිහිනයක් සේ සඳැස් නිසසල බණ්ඩාර පිලිබඳ මතකය අමතක කළෙමි.

ISBN
9786246596316
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේකුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.