නිධාන කැලේ අභිරහස
මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනකුගේ වීරක්‍රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප්‍රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප්‍රදේශයේ ඇති ඇළ, දොළ, ගංඟා, වගුරු බිම් ආදියේ සුන්දරත්වය ද, ගොවිතැන හා බැඳුන ගැමියන්ගේ ජීවන රටාව හා ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා බහ, ඇදහීම් විශ්වාස ආදිය කෙරෙහි ද යම් තරමට එබී බැලීමට කර්තෘ වෑයම් කර ඇත. රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ ඉස්මතු වන මෙම නවකතාවේ, අධිකරණ වෛද්‍ය විද්‍යාවේ එන විෂයය කරුණු හා න්‍යායන් ද ඇතැම් තැන්හි යොදා ඇත. ඒවා ගැමියන්ගේ මති මතාන්තර, සිතුම් පැතුම්, ඇදහීම් විශ්වාස, තුළින් පිටිසරබද කතාවට උචිත අයුරින් යෙදීමට කතුවර වෛද්‍ය දිනෙෂ් ගුණතිලක සමරවික්‍රම සමත් වී ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.