නික්ම ගිය යුවතිය
හැම කතාවකම පැති දෙකක් ඇත.
ඔබ කවුද?
අප එකිනෙකාට කර ඇති දේ කුමක්ද?
තම විවාහයේ පස්වන සංවත්සරය දා බිරිඳ ඇමී හදිසියේ අතුරුදහන් වූ විට, නික් ඩූන් ඒ ප්රශ්න තමාගෙන්ම අසා ගනී. පොලිසිය ඔහුව සැක කරයි. ඇමීගේ මිතුරියෝ කියන්නට ගත්තේ ඇය ඔහුට බියෙන් සිටි බවකි, ඔහුට නොකියූ රහස් ඈ ළඟ තිබූ බවකි. ඔහුගේ ගෙදර ලී මඩුවේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලබන නිල් චිත්රපටි තැටි රාශියක් ගැන තමන් කිසිවක් නොදන්නා බවත්, ඉහත තොරතුරු සියල්ලම මුසා බස් බවත් ඔහු දිවුරා, කියයි.
තමා සමඟ සම්භෝග සුව විඳීම ප්රතික්ෂේප කරන බිරිඳගෙන් සිදුවූ අඩුව මකා ගන්නට නික්, රූත් ඇන්ඩී හා මිතුරු වෙයි. ඔහු වෙනුවෙන් හැම විට පෙනී සිටින නිවුන් සොයුරිය ගෝ ද, ඇමීගේ දෙමාපියන් ඇතුළු ඔහු කෙරේ අනුකම්පාව දක්වන රහස් පරීක්ෂිකා බොනීද පුදුමයට පත් කරවමින් ඇමී එලියට් ඩූන් ගෙදර එන්නී, නිසි කල එළඹ නික්ට පුතෙක් උපදවා දෙයි.
පුදුමාකාරයි... කාලය ඉක්ම ගොස් ඇති බව නොදැනේ.
-ඇමරිකන් ඔබ්සර්වර්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.