නො 999 බංගලාව
ජයශංඛ කරුණාරත්න
නො. 999
බංගලාව
1
පෙර දිනක රාත්‍රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසාගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණ. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය.
මැදිරියේ වූ සියලුම බඩුබාහිරාදිය පොළොවෙන් උඩට එසවී භ්‍රමණය වන්නා මෙන් ඇයට හැඟිණ. මැදිරිය හරහා පුළුන් රොදක් මෙන් පියඹා යනවා වැනි හැඟීමක් සිත තුළ ජනිත වත්ම ඇය දෙනෙත් විවර කර බැලුවාය. එවිට පැසේජය ඔස්සේ තමා පියමනිමින් සිටින බව ඇයට පෙනිණ. ඝන අඳුරේ ගිලී තිබුණු පැසේජයේ අඩවන්ව තිබූ ද්වාරය අතරින් ආලෝක කදම්භයක් මුළුතැන්ගෙය තුළට ගලා එමින් තිබුණේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.