හොඳ කෙටි කවියක්, බඳුනක පිරි පැහැදිලි දියට ඉහෙන කුඩා නිල් තීන්ත බින්දුවක් යැයි මට සිතෙයි.එය වහා ලිහී, ඉහිරී, සිතුම් දිය මුළුක්කාදියෙහි පැතිරෙයි.ළහිරු එවැනි තීන්ත බිඳු ඉසියි.
අත්ල මඩ ඇති
කෙල්ලක්
දිගු කරයි
සුදු නෙළුමක්
කවියක ලැඟුම් ගන්නේ කවියාගේ ජීවිත දැක්ම, සමාජ නිරික්ෂණ සහ ඔහුගේ සෞන්දර්ය මනසයි.ළහිරුගේ පිරිපහදු කරන ලද කෙටි කවි තුළින් ඔහුගේ දැක්ම සහ නිරීක්ෂණයත් කාව්‍යොක්ති ගැවසෙන චින්තනමය මන්දස්මිතියත් දැකගැනීම අපහසු නැත.
පහනක්
අතින් ගත්
පහනක්
කාව්‍ය උද්‍යානයේ සරනු රිස්සන්ට සකස් කළ පුළුල් මංවල මෙන්ම මල් රැහැනාදියෙන් සැඟව ඇති සිහින් පෙත්මංවලද ඇවිද යාමේ තහනමක් නැත.උද්‍යානයට පුරුදුකරුවෙකු වන ළහිරු එවන් පාළු මංතීරුවලද ගැවසෙමින් පියසටහන් සොයනු දැකීම අපට සතුටකි.කෙටි කවියක යම්තමින් රැඳවිය යුතු හිඩැසේ, ප්‍රේහෙලිකාවේ සහ විස්මයේ මාත්‍රාවන්ද, සිංහල කෙටි කවියකට පැහෙන මල්පෙති, ලතා, රිද්මාදියද ඔහු පරෙස්සමින් එකතු කරගෙන ඇති සෙයකි.
මට ඔබ හමු වුණේ
අප වෙන්ව ගිය පසුයි
ළහිරු ඔබෙන් වෙන් වන කවි අපට හමු වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.