නොනින්දේ සිහිනය
‘මුදලාලි බෝතලයක් එළියට ගමු නේද’ බස් එකේ කොටසක් අල්ලගෙන හිටපු සියලු බේබද්දො වෙනුවෙන් එක බේබද්දකේ ඉල්ලීමක් කෙරුවා
'දැන් බොන්න දෙන්න බෑ. බොන්න දෙන්නෙ රැස්වීම ඉවුර වුණාට පස්සෙ’
ඒ මුදලාලිගෙ තීරණය. ඒ වුණාට චී තීරණයෙ මුදලාලිට ඉන්න ලැබුණෙ නෑ. ඒකට එල්ල වුණේ ලොකු විරෝධයක්. සමහරු බස් එකෙන් බැහැල යනව කියලත් තර්ජනය කරනවා. අන්තිමේදි බෝතලයක් දුන්නා. ඒත් බෝතලේ විතරක් ප්‍රමාණවත් නෑ. වෙනදා කසිප්පු ගහල කට අතින් පිහගෙන එන කට්ටියට එදා පිළිවෙළට බොන්න හිතිලා. බයිටුයි සෝඩායි ඉල්ලනවා. මුදලාලිගෙ මූණ දෙක වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. ඉල්ලීම ඉෂ්ට කෙරුවා. බොන්න ඉල්ලුවෙ ටික දෙනෙක් වුණාට බොන්න පටන් ගත්තහම මුළු බස් එකම ඒකට එකතු වුණා. සමහර ගෑනුත් බොන්න පටන් ගත්තා. කුරුණෑගලට යද්දි බෝතල් තුනක් ඉවරයි. සීල් අරක්කු ටිකක් බොන්න කලාතුරකින් ලැබුණු අවස්ථාව අතහැර ගන්න කාටවත් ඕන වුණේ නෑ.
හතරවෙනි බෝතලේ ඉවර වෙනකොට බස් එකෙන් ඇහුණෙ ලොකු ඝෝෂාවක්. සමහරු රට හදන්න පටන් අරගෙන, තව කීප දෙනෙකුගෙන් මිනිස්සුන්ගෙ අරගලය නවත්තන හැටි ගැන නොයෙක් යෝජනා, තව කට්ටියක් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා, හරියට මන්ත්‍රණ සභාවෙ රැස්වීමක් වගේ, මන්ත්‍රණ සභාවෙ එදිනෙදා හැසිරීම සාමාන්‍ය සමාජයෙදි දකින්න පුළුවන් වෙන්නෙ මිනිස්සු බීල ඉන්නවනම් විතරයි කියල බස් එකේ ඩ්‍රයිවර් එයාගෙ ගෝලයට කිව්වෙ රහසින්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.