Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොපිරූ පාරමිතාව පුරා

නොපිරූ පාරමිතාව පුරා

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

සියලු කතා සිනහා නතර කරමින් එක් වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ඔවුන් ඇඳ සිටියේ කළු ටී ෂර්ට් සහ කළු කලිසම්ය. කායවර්ධන ශිල්පය හදාරණ වැනි උස මහත කළු ඇමෙරිකානුවෝය.

"නීල් සඳකැලුම් ?"

එක් අයෙක් මහ හඬින් අමුතුවට උච්චාරණය කළේය. අන්න නීල් කන්නයි යන්නේ. ඇගේ සිත සතුටින් උඩ පනින්නට විය. ඔහුගේ මුහුණ සුදුමැලි වී බලන්නට බයය. එසේ නම කියූ තැනැත්තා ම ඔහුගේ දුරකතනය ගෙන රූපයක් බලමින් පිරිමි අය දෙස බලා නීල් හඳුනාගත්තේය.

"Stand up you bastard"

ඔහුගේ හිකටට පිස්තෝලය තබා ඔසවමින් කෑගැසුවේය. නීල් සඳකැලුම් පව් ඒයි ඔයා... ඇය සිතෙන් කීවාය. හර්ෂණ ඇස් දෙක ලොකු කරගෙන තමා දෙස බලා සිටිනු ඇය දුටුවාය.. හර්ෂණත් සැක කරනවා ඇති. දෙදෙනෙක් ඔහු පාර දෙසට ඇදගෙන යද්දී අනිත් හතර දෙනා පැමිණ සෙනුල්කා ඇතුළු පිරිස වටකරගෙන සිටියහ.

"කරුණාකරලා අත් ඔසවාගෙන ඉන්න. ඔයාලට කරදරයක් නෑ."

එක් අයෙක් සුහදශීලී ලෙස කියද්දී ඔවුන් සැමගේම අත් ඉහලට එසවිණ. ගත වන්නට ඇත්තේ විනාඩි පහක් පමණි. ලේ පෙරමින් ඇඳුම් ඉරාගෙන නීල් ආවේය. නීල්ව බිමට තල්ලු කර දමා හිස මත පිස්තෝලය තබා remember ? කීවේය. ඔහු හිස වැනීය. good කියා සෙනුල්කා ඇතුලු පිරිස දෙස බලා ok guys you carry on Sorry for disturbing කියා අතක් ඔසවා ආචාර කරන ලෙසක් හඟවා දිව ගියහ. සියල්ලන්ගේම හුස්ම වැටෙන්නට වූයේ එවිටය. පිරිමි ළමයි සියල්ලෝම දිවගොස් ඔහු වටකර ගත්හ. අනුරංගි පැමිණ කේතකී හා සෙනුල්කා අසලින් වාඩිවුවාය.

Details
ISBN
9786245673179
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොපිරූ පාරමිතාව පුරා

Reviews are published once a member of our team has read them.