නුඹ මට හිමිව
“ඔයාව මට නොලැබෙන බව දැන දැනම
ඔයාගේ ඇස් ඉස්සරහා
ජීවත් වෙන්න වෙනවා නේද කියලා හිතද්දි
මට දැනෙන වේදනාව
මොන වගේද කියලා
ඔයා දන්නේ නැහැ ආකේශ්…
කමක් නැහැ මං ඔය හුස්මෙන් ඈතට යන්නම්
හැබැයි ඔයාගේ මුණේ තියන ඔය හිනාව කවදාවත්
නැති වෙන්න දෙන්න එපා.. මැරෙන්නකන්ම
එකම වහලක් යට අපි ජීවත් වෙයි.
ඒත් අපි අපිට අයිති නැති වෙයි.
මට මැරෙනකන්ම ඔයා දිහා බලාගෙන සැනසෙන්න
විතරක් ඉඩ දෙන්න ආකේෂ්”
- දේවින්දි -
“මං මොනතරම් විඳෙව්වද කියලා උඹ දන්නේ නහැ මැණික..
ලඟින් ඉන්න බැරි වුණත් මං හැම තත්පරේකම
උඹව රැක්කේ ඌ ගැන දන්න නිසයි.
මට බය හිතුණා මැණික ඔයාව සදහටම මට නැති වෙයි කියලා..
මගේ හුස්මෙන් ඈතට යන්න හිතන්නවත් එපා..
මට උඹව මගේ ලඟින් තියාගන්න ඕනේ මැණික…
ඔයා නැති ලෝකයක් මට හිතන්නවත් බැහැ දෙව්”
- ආකේශ් -
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.