Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ තාම මං නමින්

නුඹ තාම මං නමින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඒක නිකන් එකටම දිනුම් කණුව ළඟට දිව්ව දෙන්නෙක් ගෙන් එක් කෙනෙක් ගෙ එක තත්පරේක පමාවෙන් අනිකා ඉස්සර උනා වගේ වැඩක් තමයි වුණේ. කැලුම් හිතන්න ගත්තා ... ශාක්‍ය මහත්තයා ලබාගෙන පස්සේ හිතන්න ගත්තා... ඒකෙන් කැලුම් පැරදුණා...

කැලුම් හැමදාම කළේ ඕක තමයි. චාපා හැමදේම අනාගන්නවා... කැලුම් හිතන්නෙ එයා ගැන... එයාගෙ පවුල ගැන... ඒ හැමදේම හිතලා ඉවර වෙලා තමයි උඹ ගැන හිතන්නේ... ඒත් ශාක්‍ය මහත්තයා ඉස්සෙල්ලා හිතුවේ උඹ ගැන.... උඹේ අසරණකම... ඉස්සෙල්ලාම උන් උඹට කරන අපහාසවලින් එයා උඹව බේර ගත්තා... එයා හිතුවේ උඹ ගැන විතරයි. කැලුම් කලන්තලා මඩ කරපු වතුර ටික ශාක්‍ය මහත්තයා මිදෙන්න දුන්නා...හරියට මේ ළිඳ වගේ... දැන් බලපං ළිඳ දිහා. බාල්දිය පැහැදිලිව තියෙනවා නේද?"

ලසා ළිඳට නැමී කියද්දී මං ළිඳ තුළට නැමුණෙමි.

"කැලුම් මහත්තයා බැලුවේ බාල්දිය දාලා ළිඳ කලත්තලා කලත්තලා, මඩ කරලා, බාල්දිය නෑ කියලා වෙන බාල්දියක් ගන්න.... ඒත් ශාක්‍ය මහත්තයා කළේ කැලුම් එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා ළිඳට දාලා, ළිඳ මඩ කරලා පතුලේ හංගපු බාල්දිය මඩ මිදෙන්න තියලා පැහැදිලි කරපු එක විතරයි... ඒක කැලුම්ටත් කරන්න තිබුණා. ඒත් එයාගෙ හිතෙත් හාමිනේගේ වගේම, උඹ එයාගෙ ගෙදර වැඩකාරිගේ දුව කියන මතේ තියෙනවා... අම්මා පිට දාලා ඌ ඒකෙන් හැංගෙනවා... ඌ උඩ පැන පැන උඹව තළනවා. උඹට ඒක තේරෙන්නෙ නැ. ඌ හැමදාම හැමදෙයක්ම කරලා අන්තිමට උඹ ළඟ හොඳ මිනිහා වෙනවා... උඹත් මේ බාල්දිය වගේ. උඹම තීරණය කරපන් බාල්දිය ගොඩ ගන්නවද, නැත්නම් ළිඳ යටම මලකඩ කාලා දිරන්න දෙනවද කියලා…’’

ISBN
9786246596675
පිටු ගණන (Pages)
374
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹ තාම මං නමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.