ඔබෙ රුදු නෙත්සර
"සහස්ම. ඔයා මට ආදරේද?”
දිහංසාත් අත අරින පාටක් නෑ. සහස්ම දිහංසාගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා. ''නැහැ. දැන් හරිනෙ. කට වහන් ඉන්නවද දැන්වත් ''
දිහංසාට තවම හිතා ගන්න බෑ.
'' විහිළු කරන්න එපා සහස්ම. අද අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනමදවස. ඇයි අපි ඇත්ත කතා නොකරන්නේ. මං කොච්චර ආසාවෙන්ද ඉන්නේ ඔයාගේ කටින් ආදරෙයි කියලා අහන්න '' මං කිව්වේ ඇත්ත මං ඔයාට ආදරේ නෑ” " සහස්ම විහිළු එපා. මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා" සහස්ම දිහංසාව අත ඇරලා දාලා පිස්සුවෙන් වගේ හිනාවෙන්න පටන් ගත්තා. කොල්ලා හිනාව පාලනය කර ගත්තේ බොහොම අමාරුවෙන්. ඒකෙ හිනා වෙන්න තියෙන්නේ මොන වචනෙට ද කියලා හිතා ගන්න බැරුව දිහංසා බලන් හිටියා. සහස්ම දිහංසාව බිත්තියකට හේත්තු කරගත්තා. ' දිහංසා මං දිහා බලනවා. මගේ ඇස් දිහා බලනවා. මං කියන දේ හොඳට අහගන්නවා. මං තමුසෙට ආදරේ...” සහස්ම කතාව නතර කළා. දිහංසාගේ පපුව වේගයෙන් උස් පහත් වෙන හැටි කොල්ලට පෙනුනා. කොල්ලගේ මූණට ආවෙ අමුතුම පෙනුමක්.
'' මං තමුසෙට ආදරේ නෑ. මං තමුසෙට වෛර කරනවා මිස් දිහංසා. ඔව්. මට තමුසෙව පේන්න බෑ. "
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.