Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවුට්ලැන්ඩර්
About this book

ස්කොට්ලන්ත කඳුකරය, 1945

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බ්‍රිතාන්‍යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය.

ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය තර්ජන මැද ඇගේ පිහිටට සිටියේ ශක්තිමත් රණශූර ජේමී ෆ්‍රේසර් පමණකි.

එය එකිනෙකාට වෙනස් වූ පිරිමින් දෙදෙනකු, එකිනෙකට වෙනස් වූ ප්‍රේමයන් දෙකක්, කාල වකවානු දෙකක් අතර ඇය යා යුතු බිහිසුණු හා හැඟුම්බර ගමනක් වූයේය.

ISBN
9786246585365
පිටු ගණන (Pages)
1104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවුට්ලැන්ඩර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.