Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පකුණ්ඩක නම් මම ය
About this book

ක්‍රි. ව. හයවන සියවසේදී පමණ රචිත යැයි සැළකෙන ලංකාවේ ශ්‍රේෂ්ඨතම ඉතිහාස මූලාශ්‍රය ලෙස පිළිගැනෙන මහාවංසයට යටත් පිරිසෙයින් වසර සියයකටවත් පෙරාතුව, එනම් පස්වැනි සියවසේ පමණ රචනා වන්නට ඇතැයි සැළකෙන ‘දීපවංසයේ’ මුල් යුගයේ ලංකා ඉතිහාසයේ ඇතැම් තොරතුරු ‘මහාවංසයේ’ දැක්වෙන තොරතුරුවලට වෙනස් වෙයි. ‘මහාවංසයේ’, ‘පණ්ඩුකාභය’ පිළිබඳව එන කතාව එබන්දකි. ‘දීපවංසයේ’ ඔහු හඳුන්වන්නේ ‘පකුණ්ඩක’ ලෙසිනි. මේ පකුණ්ඩක ස්වදේශිකයෙකු ලෙස සැළකීමට ඇති තොරතුරු බොහෝය.

‘දීඝගාමිණී’ හා ‘උන්මාද චිත්‍රා’ පිළිබඳ මහාවංසයේ නිර්මිත කතාවට පරිබාහිරව දැක්වෙන එම තොරතුරු ඒ යුගය පිළිබඳව කියැවෙන සත්‍ය කතාව ලෙස සැළකිය හැකි යැයි මම සිතමි. 

“පකුණ්ඩක නම් මම ය” නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්‍රබන්ධයකි.

ISBN
9789556861891
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පකුණ්ඩක නම් මම ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.