ගමෙන් සෙයිලමට
දියුණු වීමට නම් ගමෙන් සෙයිලමට (නගරයට) යා යුතු යැයි එදා ඇතැමෙක් විශ්වාස කළහ. එය අදටත් වලංගු කතාවකි. එහෙත් බොහෝවිට එය හැම යුගයකටමත්, හැම දෙනාටමත් එකසේ සර්ව සාධාරණ වූවේ නැත.
නගරයට ගිය බොහෝ දෙනෙක් වැඩි වැඩියෙන් ධනය රැස්කරගෙන හෝ ඉගෙනගෙන රැකියාවක් කර හෝ සමාජයේ ඉහළ තැන් ලබාගත් බවට ජීවමාන සාක්ෂි හැම කල්හිම පැවතිණ.
විසිවන සියවසේ මුල්භාගයේ පිටිසර ගමක විසූ මෙම කතාවේ එන ගැමි පවුලක කිහිප දෙනෙක් සෙයිලමේ (නගරයේ) ඓ්ශ්චර්ය සොයාගෙන ගම හැරදා ගියහ. එහෙත් ඔවුන් අසා තිබූ පරිදි නගරයේ ධන නිධානය ඔවුන්ට පෑදුණේ නැත. එහෙත් ගමේ රැඳුණු එම පවුලේ තවත් අයෙකු ගමෙන් ලබාගත හැකි සියලු යස ඉසුරු ලබා ගැනීමට සමත් විය.
ගම හැරගියවුන් වැටුණේ සෙිලමේ නරාවලටය. එහෙත් බොහෝ වැර වෑයමෙන් ඔවුන්ගේ ඊළඟ පරපුරේ අතලොස්සක් ඒ නරාවල බොහෝ වෑයමින් තරණය කර ඉර සඳු බැලීමට සමත් වූහ.
මෙම නිර්මාණයේ අන්තර්ගතය වන්නේ දෙමාපියෝ සෙයිලමට පැමිණ එහි රැඳී සිටීමට කළ උත්සාහයත්, ඊළඟ පරපුරේ දරුවන් නිවැරදි ලෝකය දැක ගැනීමට ගත් තැත් මෙන්ම ගමේ රැඳුනවුන් ඉහළතලයට නැඟ ගැනීමට ගත් වැරවෑයමත් පිළිබඳ කතාවයි.
මෙය සුළභ සංසිද්ධියක් ලෙස ගැනුනද ඒ තුළ සැබැවින්ම අනුවේදනීය කතාවක් වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.