පළිඟු පාවාඩ
"පත්තරේ කර්තෘ කෙනෙක් වෙන්න නෙමෙයි උඹට තිබුණෙ ගායකයෙක් වෙන්න.”
කෙවින්ගෙ හින්දි සින්දු අහපු හැමෝම කිව්වා. කෙවින් කියපු 'සුහානී රාත්' සින්දුව මගේ හිත පුරාම රැව් පිළිරැව් දුන්නා.
"අර ගැනි මා එක්ක වෛරෙන් ඉන්නෙ. මරණ තර්ජනත් එනවා. ඒත් ආණ්ඩුව, විශේෂයෙන් අගමැතිනිව පත්තරෙන් විවේචනය කරන එක මම නවත්තන්නෙ නැ''
"පරෙස්සමෙන්. මොනවා වුණත් ඊළඟ ගෙට් එකේදි සින්දු කියන්න උඹ එන්න ඕන.”
"සමහරවිට මම ආව අන්තිම ගෙට් එක මේක වෙන්න පුළුවන්. මං ගායනා කළේ හංස ගීතය වෙන්න පුළුවන්.”
"අසුභවාදී කතා කියන්න එපා, මිත්‍රයා.”
"දවසින් දවස වැටෙන අසුභවාදී රටක ජීවත්වෙන අපි හිත රවට්ට ගන්න සුභවාදී කතා කියන්නෙ කොහොමද?"
නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් කෙවින්ට වෙඩි තියලා මරා දාලා. හෙට දවසෙ කෙවින් වෙනුවෙන් මාධ්‍ය සගයො හඬ නගාවි. උද්ඝෝෂණ කරාවි. ඒත් ඒ හැමදේම අනුරාධිනීගෙ මර්දනයෙන් යටපත් වේවි.
කෙවින් කියපු හින්දි ගීතය තවමත් මගේ හිත ඇතුළෙ රැව් පිළිරැව් දෙනවා.
''සුන්දර රාත්‍රිය ගෙවී ගොස් හමාර ය.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.