පානම්පත්තුවේ අසිරිය
නැගෙනහිර පළාතේ දකුණු වෙරළබඩ පානම්පත්තුවේ පිහිටි ‘පානම’ ඈත දුරු රට ශ්‍රී ලාංකේය පාඨකයන් හට සමීප ය. තමා උපන් ගම්කොටුවට ගියා වැනි නෑදෑකමක් පානම හා බැඳී ඇත. එබැවින් ඔවුහු මුහුදේ දිය කපති; අම්පිටිය දේවාලයේ අං අදිති; සිංහල දෙමළ නෑදෑකම විකෘති නොකර කියවාගනිති; එමතු ද නොව ‘ඩේයි’, ‘ඩියෙයි’, ‘වරැයි බොටා’, ‘මොනා බොටා’ කියා කටට හුරුවට වහරති. මේ සමත්කම අපට හුරු කළේ, සම්මානනීය ලේඛක ගුණස්කෙර ගුණසෝමයෝ ය. පානමට සීමා වී ඇති පළාත් වහර, ඇයි හොඳයිකම්, සතා සිව්පාවා මෙන් ම ආගන්තුක සත්කාරයන් ද ගුණසෝමට වගේ ම අපට ද හුරු ය. අප ඊට මහත් සේ ඇලුම් කරන්නේ නිර්ලෝභීව නවමු කෘති ඔස්සේ ගුණසෝම දක්වන බුහුටිකම් නිසා ය. මේ, ගුණසෝම හා පානම ඥාතිත්වයේ තවත් මිහිරි ඵලයකි.
- මහින්ද කුමාර දළුපොත
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.