Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පැරණි ලක්දිව ගම්සභාව

පැරණි ලක්දිව ගම්සභාව

About this book

‘පැරණි ලක්දිව ගම්සභා’ නම් මෙම කෘතියෙහි කර්තෘවර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමියන් ප්‍රාචීන භාෂාත්‍රයෙන් රාජකීය පණ්ඩිත උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගෞරව ශාස්ත්‍රෙව්දී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨාමාලාවත්, ශිෂ්‍යත්වයක් ලැබ මධ්‍යම චීන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් දිනාගත් විද්වතෙකි. 

ආචාර්ය දුනේක්උල්ලේ සාරානන්ද හිමියන් ‘ධර්මරුචි සම්ප්‍රදාය හා තදනුබද්ධ බෞද්ධ අධ්‍යාපන ආයතන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්’, ‘බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය’, ‘සමයාන්තර ආගම් තුලනය’, ‘බෞද්ධ දාර්ශනික ප්‍රස්තුත’, ‘ආසියාවේ බෞද්ධ සංස්කෘතිය’ වැනි සාරගර්භ කෘති රාශියක් මෙන්ම, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයයෙන් විවිධ විෂයක්ෂේත්‍ර අළලා ශාස්ත්‍රීය ලිපි ලේඛන රාශියක් ද විද්වත් ලෝකයාට දායාද කළ ශාස්ත්‍රඥයෙකි.

උන්වහන්සේගේ නවතම ශාස්ත්‍රීය ව්‍යායාමය වන ‘පැරණි ලක්දිව ගම්සභා’ නම් මෙම කෘතිය මගින් ආරම්භයේ සිට පැරණි ලාංකේය රාජ්‍ය පරිපාලනය ව්‍යුහයේ ග්‍රාමීය පරිපාලන ඒකකවල සංයුතිය, කාර්යභාරය හා එය ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා කෙසේ බලපෑවේද යනාදී කරුණු ප්‍රාථමික මූලාශ්‍රය ඇසුරු කොට මැනවින් විවරණය කොට තිබේ. 

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකුගේ කාර්යභාරයේ ප්‍රධාන අංශයක් වන ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයන් කෙරෙහි නිතැතින්ම යොමු වී කටයුතු කරන ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමියන්ට තව තවත් මෙවැනි ශාස්ත්‍රීය කාර්යයන් සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසන කරමි.

 

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආදාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි.

අංශාධිපති, සමය අධ්‍යාපන හා තුලනාත්මක දර්ශනය අධ්‍යයන අංශය,

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,

හෝමාගම.

ISBN
9789556565454
පිටු ගණන (Pages)
321
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැරණි ලක්දිව ගම්සභාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.