පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන
අතීත ශ්‍රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක්‍රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග්‍රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග්‍රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග්‍රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක්‍රම උදාහරණ ලෙස විග්‍රහකර දක්වා තිබීම ප්‍රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප්‍රදායික යුද්ධ උපක්‍රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ්‍ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ්‍රී ලංකාවේ බලකොටු හා උපක්‍රම පිළිබඳ පුළුල් දැනුමක් පාඨකයාට ලබා දීමට කර්තෘ ගෙන ඇති ප්‍රයත්නය අගය කළ යුතු වේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.