පරපුරක ජීවක
නවකතාව සඳහා බුදුන්වහන්සේටත් වෙදකම් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්‍රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකක් යැයි මට සිතේ.
සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්‍රතිකාර ක්‍රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සල්කනු ලබන්නේ සියලු පුරාණ වෛද්‍යවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයනට අනුව, ජීවක විසින් සිදු කළ වෛද්‍ය ප්‍රාතිහාර්යයයන් හේතුවෙන් ඔහුව “වෛද්‍ය රජු” ලෙස තුන් වතාවක් එවකට රාජසභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එබැවින්, “තෙවරක් ඔටුනු පැළඳි වෛද්‍යවරයා” ලෙස ද ඔහුව හැඳින්වේ.
ජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්‍යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්‍යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නීරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්‍යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.