Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පස්ස බලබලා ඉස්සරහට යෑම

පස්ස බලබලා ඉස්සරහට යෑම

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ජීවිත කෝච්චියට මාතරින් ගොඩ වූ මම දැන් හැත්තෑපස් වැනි මයිල් කණුවටත් ළඟා වී කෝච්චියෙන් බහින්නට හරි බරි ගැහෙමින් සිටින්නෙමි. කෝච්චියෙන් ආ ගමනේදී ජනේල පඩිය උඩ තැබූ අතේ නිකට තියාගෙන එළිපහළින් සිදුවෙන දේවල් දිහා ද ඇතුළේ සිදුවෙන දේවල් දිහාද බලාගෙන සිටියෙමි. ඒත් මා ද ජීවිතයේ වැඩිහරියක්ම දුටුවේ ඔබ දැක්කා වගේ දේවල්ම ය. එසේ වුවත් ජීවිත කෝච්චියේ යන අතරවාරයේ මා ඇසින් දුටු කනින් ඇසූ අත්දුටු සමහර දේවල් නම් මට ලෙහෙසියෙන් අමතක කරන්නට බැරිය. දක්ෂ නවකතාකරුවෙකුට හොඳ නවකතා දෙක තුනක් කෙටි කතා කරුවෙකුට හොඳ කෙටිකතා කිහිපයක් නිර්මාණය කරන්නට වස්තුබීජ කරගත හැකි සිදුවීම් රාශියක් මාතර කෝච්චියෙන් කොළඹ ආ මගේ ජීවිත චාරිකාවේදී ඇසින් දැක කනින් අසා අත් වින්ද බව සිහිපත් කරනවිට මා සිතෙහි මහත් ශෝකයක් ජනිත වේ. හැත්තෑපහට ළඟාවුන මගේ ජීවිත කාලය තුළ එකම එක නවකතාවක් හෝ කෙටිකතා කිහිපයක් හෝ නිර්මාණය නොකරම ජීවිත කෝච්චියෙන් බසින්නට සිදුවුණොත් කියා සිතෙනවිට මගේ ශෝකය වඩාත් තියුණු වේ.
අනිත් අතට කෝච්චියේ ගමනෙන් හොඳටම හෙම්බත් වී කෝච්චියේ බහින්නට අඩුම කුඩුම ලකලැහැස්ති කරමින් සිටින මට මොන නවකතාද? මොන කෙටි කතාද? එසේ හෙයින් හොඳ නවකතාවකට හෝ කෙටිකතා කිහිපයකට හෝ වස්තු කරගත හැකි මේ සත්‍ය වස්තු බීජ ඔබටපැවසීම සදහා මම මේ පොත ලියන්නෙමි.
ISBN
9789550079162
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පස්ස බලබලා ඉස්සරහට යෑම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.