පිටිසර මිනිස්සු
‘පිටිසර මිනිස්සු’ කෘතිය සරල ලිහිල් වනවිත්ති කතාවක් ලෙස මතුපිටින් බලන කාහට වුවත් අවබෝධ වේ. එහෙත් එමගින් ජනිතවන මානවහිතවාදී දර්ශනය වැදගත් ය. එක් වකවානුවක දිගාමඩුලු දනව්වේ පිටිසරබද මිනිස්සුන්ගේ ජීවන පුවත් එයින් නිරූපණය වේ. මායාරංජන් වූ කලී වන විත්ති ලේඛකයකු විනා මානව විද්‍යා හෝ ජනශ්‍රැති විද්‍යා ලේඛකයකු නොවේ. මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිත්තිකරුගේ දැක්ම පළල් ය. සරල ය. මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජීවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්‍රදායයන් පිළිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීය ලෙස ‘පිටිසර මිනිස්සු’ ඇසුරු කිරීමට අවස්ථාවකි. එමෙන්ම, සමාජ පර්යේෂකයින්ට අවැසි මාහැඟි තොරතුරු ද මෙයින් උකහාගත හැකි ය. එම නිසා මායාරංජන් මානවවිද්‍යා ලේඛකයකු ලෙස ‘පිටිසර මිනිස්සු’ කෘතියෙන් මුණගැසේ.
- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.