මගේ රාජ්‍යය
දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වනපෙත දිගේ රැගෙන යෑමට 'අපේ රාජ්‍යය' කෘතියෙන් මායාරංජන් නම් පුරෝගාමී වනවිත්තිකරුවා සමත්වූයේ ය. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් 'මගේ රාජ්‍යය' වෙත ද හෙතමේ පාඨක පිරිස කැඳවාගනු ලබන්නේ වනපෙත යනු; වසර මිලියන ගණනක සිට පවතින සොබාදම් උරුමයක් බව පෙන්වා දෙමිනි.
දිගාමඩුලු වනපෙත ඇසුරේ ඔහුට ඇසගැසුණු බොහෝ දෑ සමන්විත වූයේ, මානව හිතවාදී පාරිසරික නිරීක්ෂණයන්ගෙනි. නිගමන්යන්ගෙනි. කොටින්ම වනපෙත යනු; ජීවිතය බව වටහාගැනීමෙනි. එයින් පාඨක සිත උපන් කුහුල නොසන්සිඳිනි. මායාරංජන් වනපෙතට බැඳි ප්‍රේමය ද වඩ වඩා තීව්‍ර වූයේ ය. මේ නිසා හෙතමේ පාඨක සමාජයට 'මගේ' රාජ්‍යය' ද පිරිනමන ලදී. පිටු ප්‍රමාණයෙන් කුඩා කෘතියක් බව සැබෑවකි. එහෙත් එය මයිල ගසක නැතිනම් පලු හෝ වීර ගසක පත්‍ර මෙන් සියුම් වෙනස්කම් සහිත විසල් පුවත් කැටිකර ගත් අවස්ථාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.