ප්‍රථම ප්‍රේමය
About this book
සොබාදහමේ සුන්දරත්වය විත්‍රණය කිරීමේදීත්, විශේෂයෙන් ම බොහෝ රුසියානු ලේඛකයන්ට විෂය නොවු යොවුන් ප්‍රේමය සහ එහි චමත්කාරය සිය ඇතැම් නිර්මාණ සදහා තේමා කර ගැනීමේදීත් තුර්ගනෙව් දක්වන සංවේදිතාව නිසා ඔහු එක්තරා දුරකට ඔවුන්ගෙන් වෙනස් වෙයි.තුර්ගනෙව්ගේ අනන්‍යතාව වඩාත් ප්‍රකට වන්නේ ප්‍රේමය තේමා කරගත් නිර්මාණ වලින් දිස්වන මිනිස් හැගීම් කෙරෙහි ඔහු දක්වන සංවේදිතාව මිනිස් සිත් සතන් තුළ ගැඹුරට විනිවිදමින් කරන මනෝ විශ්ලේෂණය රචනා ශෛලියේ සියුම් භාවාත්මක මාධුර්ය සහ සිත් ගන්නා සුළු කාව්‍යමය භාෂා විලාසයත් නිසාය. ප්‍රථම ප්‍රේමය ඉහත කී ගුණාංගවලින් සපිරි ආදරය පිළිබඳ භාවපුර්ණ ශෝකාන්තයකි.
මෙම නවකතාව තුර්ගෙනෙව් සිය අත්දැකීම් සහ ආකල්ප ද ඇසුරුකොට ගනිමින් රචිත එකක් සේ සැලකේ.ස්වාභාවධර්මයේ සෞන්දර්යාත්මක ස්වයං ප්‍රකාශනයක් වන ප්‍රේමය හදවත් පත්ලෙහි උපදින ප්‍රබල ගැඹුරු හැගීමකි.එය මිනිසාගේ ආත්ම ශක්තිය දියරු කර ඔහු දුබලයෙකු බවට පත් කරයි.ප්‍රේමය දෙස සංවේදි දෘෂ්ටියකින් බැලීමට තුර්ගෙනෙව් සමත් වුයේ ඒ චමත්කාරය පෞද්ගලිකව විඳින ලේඛකයෙකු වු හෙයිනි.
Details
ISBN
9789553493941
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review