ප්‍රේම චාරිකාව
ප්‍රේම චාරිකාව, ශ්‍රේෂ්ඨ නවකතා රැසක් ලොවට දායාද කළ, එච්. රයිඩර් හැගාර්ඩ්ගේ තවත් අපූරු නිර්මාණයකි. එංගලන්තයේ, හත් වැනි හෙන්රි රජුගේ සමයේ, රූමත් සහ ධනවත් වෙළෙන්දෙකුගේ දියණිය වන මාගරට් කැස්ටෝල් හා අනාථ වංශාධිපති තරුණයෙකු වන, පීටර් බෲම් අතර ප්‍රේමයක් හට ගන්නේ, යුධ කුමන්ත්‍රණ හා රහස් මෙහෙයුම්වලින් පිරි ගිය ලන්ඩන් නගරයේ දී ය.
ස්පාඤ්ඤයේ, බලවත් මාකීස්වරයෙකු වන, ඩි' ඇගියුලර්ගේ දෑස් මාගරට් වෙත යොමුවීමත් සමඟ මෙම ප්‍රේම වෘත්තාන්තය ඇද වැටෙන්නේ, බලවත් අනතුරක ය. අවාසනාවන්ත අහඹු සිදුවීමක් නිසා, පීටර්ට ස්පාඤ්ඤ තානාපතිවරයාගේගේ සෙබළෙකු මරා දැමීමට සිදු වීමත් සමඟ ම, ඩි' අගියුලර් විසින් මාගරට් ස්පාඤ්ඤයට පැහැර ගෙන යන්නේ, සියල්ල උඩු යටිකුරු කරමිනි.
මාගරට් ගේ පියා සහ පීටර් ඇය සොයා, ස්පාඤ්ඤය බලා යන, වික්‍රමාන්විත ගමනේ දී, ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජු සහ ඉසබෙලා රැජින හමුවීමත් සමඟ, ඔවුන්ට මධ්‍යකාලීන පරීක්ෂණ විනිශ්චය මණ්ඩලයේ (Inquisition) බලවත් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන්නේ, කතාවේ රිද්මය තවත් තීව්‍ර කරමිනි.
මෙය, ඉමහත් ආශ්වාදයකින් යුතු ව කියවිය හැකි, ප්‍රේමය, ධෛර්යය සහ වීරත්වය එකට මුසුවුණු, විශිෂ්ටතම, වික්‍රමාන්විත ඓතිහාසික නවකතාවකි.
සම්පූර්ණ යි! අසංක්ෂිප්ත යි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.