ප්‍රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ - දාරක ප්‍රේමය, පීතෘ - දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප්‍රේමය ආදී ප්‍රේමයේ උප - ප්‍රවර්ගයන් ගණනාවක් තිබේ.
ප්‍රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප්‍රේමය ද එසේම ය.
මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින් ද බැඳී තිබේ. එහෙත්, ප්‍රේමණීය හදවතකට සීමා මායිම් පැනවිය හැක්කේ කාටද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.