පරිචාරිකා
මේ ලෝකයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජීවිත වෙසක් තොරණ් වැනිය. එ නම්, මතුපිටින් බලන විට බැබලෙන දීප්තිමත් විදුලි බුබුලු සහිත නොයෙක් සුන්දර කථාවන් පෙනුන ද, තොරණක පිටුපස සර්කිට්, වයර් ඇතුලු තවත් බොහෝ දේ සඟවා තිබෙනවාක් මෙන්, බොහෝ ජීවිත පිටුපස සැඟවුණු දේ ඕනෑ තරම් ය. මම එවන් චරිත කිහිපයක් අළලා මා ඇසු දුටු දේ ඔබට කියමි.
නවකතාකරුවෙකුට සිය නිර්මාණය තුළ ඇතැම් සිදුවීම් විස්තර කරද්දී සත්‍යය වඩාත් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි වුව ද, ඇතැම් සිදුවීම්වලට අයිසින් තවරන්නට
නොහැකි ය. ඒවා පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොකියා වෙනස් අලංකාර යොදන්නට යාමෙන් එහි යථාර්ථවාදී සැබෑ ස්වරූපය අහිමි වී, කියන්නට අවශ්‍ය දෙය වෙනත් මුහුණුවරකට පෙරළෙනු ඇත. ඒ නිසා මම මෙහි දී ඇතැම් දේවල් රළු ලෙසත්, ඇතැම් දේවල් මෘදු ලෙසත්, ඇතැම් දේවල් ඉතා සංවේදී ලෙසත්, ඇතැම් සිදුවීම් අමුවෙන්මත් ඉදිරිපත් කොට තිබේ. අනෙක් අතට මේ සියලු කාරණා මා ගලපන්නේ මගේ මතකයේ රැඳී ඇති පිළිවෙලට නිසා, යථාර්ථය සහ මායාව දෙකට බෙදෙන සියුම් රේඛාව අසල ඔබ ද වරෙක අතරමං වනු නිසැක ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.