Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පුංචියි ආච්චියි

පුංචියි ආච්චියි

About this book
පුංචියි ආච්චියි ප්‍රිති රන්දෙනිය ඈ කොහේ දෝ සිට කුස්සියට ආවාය.ඇගේ වසඟයට මුලින්ම හසුවූයේ පවුලේ බඩපිස්සී වූ පුංචිය .ඇයට පුංචි නැතුවම බැරිය.පුංචිට ද ඈ නැතුවම බැරිය.ඈ පුංචිට කොතරම් ආදරේද යත් මරණින් පසුව පවා ඈ සොයාගෙන එන බා නිතර නිතර ඈ කියයි.පුංචි ඇගේ වසඟයට පත්වන සැටි බලා සිටි සෙස්සෝ ද නොසන්ඩාලයෝ, වසවර්තියෝ,පෝරිසාදයෝ හා බොන්ඩිගේ පුත්තු ද කෙමෙන් කෙමෙන් ඇගේ වසඟයට පත්වුහ. ඇගේ උදව් උපකාර හැම දෙනාටම අවශ්‍යය.ඈ නැති කුස්සිය මළ ගෙයක් වැන්න. ඈ මළ බව ආරංචි වූ විට හැමෝම අඬා වැලපෙන්නට වුහ. ඈ නොමළ බව දැනගත් විට ද හැමෝම හඬන්නට පටන් ගත්හ .තාත්තා ට මෙය තේරුම් ගත නොහැකි ප්‍රෙහෙලිකාවකි. ඈ ඒ තරම්ම අපුර්ව පෞර්ෂයකින් මුළු පවුලම වසා සිටි බැවිනි.කුස්සියට ආ ඈ කවුද? ඈ උපන්නේ ප්‍රීති රන්දෙනියගේ සිතෙහිය.ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියකින් හෙබි ප්‍රීති රන්දෙනිය නිර්මාණය කළ ඈත් ඈ වටා ඈට හිතවත්ව ද, අහිතවත්ව ද සිටි සෙස්සෝත් අප තුළ මහත් ආශ්වාදයක් උපදවති.දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද මේ නවකතාව එක හුස්මට කියවනු ඇත. ජේ.බි.දිසානායක (සම්මානනීය මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය )
Details
ISBN
9789555737159
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පුංචියි ආච්චියි

Reviews are published once a member of our team has read them.