Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භානුට පිස්සු

භානුට පිස්සු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රීති රන්දෙනිය පාඨකයන් අතර ප්‍රකට කිවිඳියක ලෙසිනි. ඇගේ සෙසු සාහිත්‍ය නිර්මාණවල ද මෙම කවිත්වයේ සලකුණු නොමඳව දැකිය හැකි ය. විශේෂයෙන්ම ඒ ලකුණු පවතින්නේ උපයුක්ත බස්වහර තුළ ය. ඉතා කෙටි වැකිවලින් යුත් ඇගේ සරල බස කාව්‍යමය හැඩයක් උසුලයි. පද ලාලිත්‍යය ද, පද සංඝටනාවන් ඇසුරේ මතුවන රිද්මය ද කවියට ඉතා සමීපයි. එය ඇගේ සාහිත්‍ය කෘතීන්ට සුවිශේෂී අනන්‍යතාවක් හිමිකර දෙයි. 'භානුට පිස්සු’ නවකතාව ද මෙම ලක්‍ෂණයෙන් පෝෂිත ය.

'භානුට පිස්සු’ ඇගේ සත්වන නවකතාවයි. අත්දැකීම විසින් ද, දැක්ම විසින් ද, යටිපෙළ විසින් ද ඇගේ නිර්මාණ භාවිතාව ශක්තිමත් කරන කෘතියක් ලෙස එය අපගේ අවධානයට ලක්වේ. මූලික වශයෙන් ස්ත්‍රී චරිත කිහිපයක් මූලික කරගත් නවකතාවකි. ගැමි පරිසරයක වෙසෙන, ජීවන අරගලයෙන් හෙම්බත් වූ පවුලක් එයට කේන්ද්‍ර වේ. දරිද්‍රතාව හා නූගත්කම විසින් පීඩිත, අනුරාගය, යසස්කාමය හා ස්වාර්ථය බඳු මානුෂීය ලක්‍ෂණවල ගොදුරු බවට පත්වන චරිත කිහිපයක් ඇසුරේ අත්දැකීම විකාශනය වේ. පවුලේ එක් සොහොයුරියක් භෞතික ජයග්‍රහණ අත්කර ගනී. එහෙත්, ඇගේ ජීවිතය බිඳ වැටේ. තවත් සොහොයුරියක් අධ්‍යාපනයෙන් සාර්ථක වේ. එහෙත්, ඇයට තම හිතෛෂීන් අමතක වේ. තවත් සොහොයුරියක් ධනය ඉපැයුවත් ඇය ජීවිතයෙන් අත්කර ගන්නා සාර්ථකත්වයක් නැත. කතාවේ නිමිත්ත වන සියලු දෙන විසින් නොසලකා හරිනු ලැබූ බාල සොයුරිය ජීවිතයේ අවසන් අදියර ගත කරන්නේ මානසික රෝහලේ ය. මේ සියලු දෙන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක දෛවාධීන ගොදුරු බවට පත්කරන්නට කතුවරිය සමත් ව සිටින්නී ය. මේ චරිත ස්ත්‍රීත්වය පිළිබඳ විවිධ පැතිකඩවල නියෝජන බවට පත් කිරීමට ද ඇය සමත්ව සිටින්නී ය.

භානුට පිස්සු ප්‍රීති රන්දෙනියගේ නවකතා අතර සන්ධිස්ථානයක් බවට පත්වන්නේ මේ ඉසියුම් ලක්‍ෂණවල මනා සංයෝගය නිසයි.

ගාමිණී වේරගම

ISBN
9786242042459
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භානුට පිස්සු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.