Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීතල ගිනි

සීතල ගිනි

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එක හුස්මට කියවිය හැකි නවකතාවක් ලිවීම පහසු නැත. එබඳු නවකතාවක් ලිවීමේදී භාෂාව යොදා ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලේඛකයාට තිබිය යුතුය. ප්‍රීති රන්දෙනියගේ 'සීතල ගිනි’ නවකතාව කියවීමේදී මට වැටහී ගියේ ඇය පාඨකයා ග්‍රහණය කොට ගැනීමට සරල භාෂා ව්‍යවහාරය මැනැවින් යොදා ගන්නා බවයි.

ඇය තෝරා ගන්නා කතාවේ තේමාවද මිනිස් සිත් සතන් විග්‍රහ කිරීමට අවකාශය ලබා දෙන්නකි. ප්‍රීති, කාන්තාවන් මුහුණ දෙන විශේෂ ප්‍රශ්නයක් මානුෂීය මුහුණුවරකින් ඉදිරිපත් කරයි. චරිත නිරූපණය කෙරෙහි ඇය දක්වන කුසලතාවද අගය කළ මනාය. සරල බසින් ගැඹුරු අත්දැකීමක් කියන්නට ප්‍රීති රන්දෙනිය සමත් වී ඇත.

සුමිත්‍රා රාහුබද්ධ

ISBN
9786242041575
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සීතල ගිනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.