රෑ මාතා
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කෝනෙල් විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු සේ ජර්මනියේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු වූවේය. යුද්ධයෙන් පසු නිදහස ලැබ ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව හැදෑරුවේය.
ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව’ 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට්‍රික්’ සමාගමේ සේවය කරද්දී ලැබූ අත්දැකීම් අළලා, මිනිසත්කම යාන්ත්‍රිකත්වයට යට වීම ගැන ලියූ ප්‍රහසනයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. ඉන්පසු නවකතා පහළොවකට අධික සංඛ්‍යාවක් ඔහු ලියා ඇත. ඉංග්‍රීසි ලේඛක ග්‍රැහැම් ග්‍රීන්ට අනුව, කර්ට් වොනෙගට් යනු එදා (1990) ජීවතුන් අතර සිටි හොඳම ඇමරිකානු ලේඛකයන්ගෙන් කෙනෙකි. 'ලොස් ඇන්ජලීස් ටයිම්ස්' සඟරාව ඔහු හැඳින්වූයේ, ඇමරිකානු නවකතාවේ එදා (2006) ප්‍රමුඛයන් දෙදෙනාගෙන් කෙනෙකු වශයෙනි. 'ටයිම්’ සඟරාවට අනුව ඔහු ‛ජෝර්ජ් ඕවල්, කලිගාරි සහ ෆ්ලෑෂ් ගෝර්ඩන් යන ත්‍රිත්වය එක්තැන් කළ තනි ලේඛකයා' ය. මේ නවකතාව මගින් අපේ සදාචාර විනිශ්චයන් ඔහු අභියෝගයට ලක් කරයි. සැබෑ පෝරක මිහිරක් සමඟ මුසු කොට, කළු සහ සුදු පාට අඳුරු දුඹුරකට. හරවන ඔහු, ඒ මගින් නිරූපණය කිරීමට තැත් කරන චිත්‍රය අපේ සිත්සතන් තුළ කාලයකට හොල්මන් කරන ප්‍රහේලිකා ගණනාවක් ඉතිරි කිරීමට සමත් වේ. 1922 නොවැම්බර් 11 වැනිදා උපන් කර්ට් වොනෙගට් 2007 අප්‍රේල් 11 වැනිදා මිය ගියේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.