රහස් රකින්නිය
1961: උෂ්ණාධික ගිම්හානයේ දිනයක, සෆක්හි ඔවුන්ගේ ගොවිපොළේ ඇළ පාර අසල, සිය පවුල පික්නික් ගමනකින් විනෝද වෙන අතර, දිනෙක තමන් අත්පත් කරගැනීමට නොඉවසිල්ලෙන් පසුවෙන දීප්තිමත් අනාගතය ගැන සිහින මවමින්, සොළොස් හැවිරිදි ලෝරල් ඔවුන්ගේ සෙල්ලම් රුක් නිවහනේ සැඟව සිටියි. එසේ වුවද, ඇය එම සැපවත් දිවා කාලය අවසන් වීමට ප්‍රථම, සියල්ල උඩු යටිකුරු කරවන සහ කම්පනයට පත් කරවනසුලු අපරාධයක් දකියි.
2011: බොහෝ දනන්ගේ ආදරය දිනාගත් නිළියක වුවත් වැඩිහිටි ලෝරල්ගේ සිත අතීතයේ අඳුරු සෙවණැලිවලින් පිර් තිබේ. මතකයන් සහ මතකයන් සමග බැඳි අබිරහස නිරන්තරයෙන් හොල්මන් කරන සිතත් රැගෙන සිය පවුලේ මහ ගෙදරට යන ලෝරල් සැඟවුණු අතීතයක කොටස් එකතු කිරීම අරඹයි. එම සැඟවුණු අතීතය එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක තුනකට අයත් ඩොරති, විවියන් සහ ජිමී යන තිදෙනාගේ ජීවිතවලින් නිර්මාණය වී තිබිණ. ඔවුන් තිදෙනාගේ හමුව ආකස්මිකය. නමුත් ඔවුන්ගේ ජීවිත රුදුරු සහ තීරණාත්මක ලෙසින් එකිනෙකට සම්බන්ධ වේ. අපගේ පරිකල්පනය වරින් වර නොමග යවමින් සිතාගත නොහැකි එහි අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් අන්තර්ගත මෙම කතාව නැවත නැවත කියවා රස විඳිය හැකි වීම අපූරුය.
1930 දශකය, 1960 දශකය සහ වර්තමානය අතර ගමන් කරමින් දිග හැරෙන 'රහස් රකින්නිය' අබිරහස් සහ රහස්, මිනීමැරුම් සහ චිරස්ථායි ප්‍රේමයෙන් යුතු, ආකර්ෂණීය කතාන්දරයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.