රජ තුන් කට්ටුව

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
raja-thun-kattuwa-yasawardhana-rodrigo-sarasavi-publishers

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ.

ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත” නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව” යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත.

සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ යසවර්ධන රුද්රිගුගේ "වනචාරීන් සමඟ වසරක්” යන යොවුන් නවකතාව අතිශයින් පාඨක ප්‍රසාදය දිනාගත් අතර මේ වනවිට එහි සිවුවන මුද්‍රණයද නිකුත් කර තිබේ.

Author යසවර්ධන රුද්රිගු - Yasawardhene Rodrigo (9)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (943)
More Information
ISBN 9789553130488
පිටු ගණන 174
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රජ තුන් කට්ටුව
Back to Top