රාජාලියා
“මේ මැරුණු ගෑනු ළමයා මුණගැහෙන්න අමුත්තෝ කවුරුහරි ආවද?” මනුජ ඇසුවේය. “අමුත්තො නම් ආවේ නෑ. හැබැයි… එක මහත්තයෙක් හිටියා.” වයස්ගත පුද්ගලයා කල්පනා කරමින් කීවේය. “මොනවගේ මහත්තයෙක්ද?” මාර්ෂල් නොඉවසිල්ලෙන් ඇසීය. “හොඳ තරුණ ලස්සන වැදගත් මහත්තයෙක්.”
-අවාසනාවන්තයා-
“මම අද රෑට මනුජත්, බිනරිත් එක්ක ගිහින් බලන්නම් මේ ගෙදර තියෙන ප්‍රශ්නය ගැන.” මාර්ෂල් කීවේය. “හොඳයි පරීක්ෂකතුමා. ඒත් ගොඩක් පරිස්සම් වෙන්න. ඒක මහා අප්‍රසන්න, පව්කාර තැනක්. මනුස්ස වාසයට සුදුසු තැනක් නෙවෙයි.” ධර්මවර්ධන කීවේය.
-වලව්ව-
“අංජුගේ පෙණහලුවල වතුර පිරිලා නැහැ. පෙණහලු හැකිළීයාමෙනුයි මරණය සිදුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ දියේ ගිලිලා මියගිහින් නැහැ. ගෙඩබිමකදී එයාගේ හුස්ම හිරකරලා පස්සේ එයාව වතුරට දාලා. බිනරි කීවාය. “ගැටළුව පැහැදිලියි” මාර්ෂල් දෑත් සාක්කුවලට දමා ගනිමින් කීවේය. “මේ මරණය පැහැදිලිවම මිනීමැරුමක්. ඒ වගේම අපරාධකාරයා මේ වෙලාවේ මේ හෝටලය ඇතුළෙ ඉන්නවා.”
-අංජු-
“මම හිතන්නේ දැනටමත් ඔය තුන්දෙනා දන්නවා ඇති මේක සෑහෙන රහසිගත, වැදගත් සහ බරපතල ප්‍රශ්නයක්.” දුනුවිල මැතිණිය කීවාය.
“හරි, මේ පරීක්ෂණේ බොහොම සිත් ඇදගන්නා සුලුයි.” මාර්ෂල් මද සිනහවකින් කීවේය. “වරදවා වටහාගන්න එපා, මට තේරෙනවා මේකේ තියෙන බරපතළකම. නමුත් මගේ හිතේ උද්යෝගයක් ඇතිවුණා මේ ගැටළුව ගැන.”
-රාජාලියා-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.