රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා ස්වර්ණ පුස්තක සම්මාන 2011
About this book
රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙය සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හමිදුම්මා ගැන වැඩිපුර සිතූවේය. හමිදුම්මා කෙරෙහි ප්‍රේමයක් දළුලමින් පවතින බව ඔහු වරෙක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතිවිල්ලකින් එය වැසී යයි හමිදුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරස්සුවේය. ඒ නොරිස්සුම ඔහු තුළ උපන්නේ පූජකයා කුණු වු නාභියක් සහිත පුද්ගලයෙකු බව දැනගැනීමෙනි. ඒ බව පූජකයා නිතර සඟවාගෙන සිටියේය. ඔහු නිතරම ශරීරය රෝස
වතුරෙන් සේදීම පෙකණියේ ගඳ පිටට වහනය නොවීමට කළ උපක්‍රමයක් බව හමිදුම්මාට කියා දීමට රූබට්ට සෑහෙන අවශ්‍යතාවයක් තිබුණි. ඇය ඒ රෝස වතුර සුවඳින් මත් වී සිටින බවක් පළ කිරීම රූබට් කෙසේ වත් නො ඉවසුවේය. දිගින් දිගටම කඳවුර තුළ කරදරකාරී ලෙස හැසිරීමෙන් තමාට මරණ දඬුවම අත් වෙතැයි ඔහු සිතා සිටියේය. ඒ නිසා ම ඔහු තරමක් සංවර බවක් ආරූඪ කරගෙන සිටීමට උත්සාහ කළේය.
Details
ISBN
9789556614442
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review