Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / රාත්‍රිය - දයාවංශ ප්‍රකාශන

රාත්‍රිය - දයාවංශ ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රාත්‍රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත්‍රිය විය. නැවත වරක්, අවසන් රාත්‍රියක්!' අප නිවසෙහි ගත කළ අවසන් රාත්‍රිය! යුදෙව් ප්‍රදේශයේ ගත කළ අවසන් රාත්‍රිය! හරකුන් ප්‍රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත්‍රිය...! දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත්‍රිය! අවසන් රාත්‍රියේ සිට ඊළඟ රාත්‍රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක්‍ෂා වේවි ද?

රාත්‍රිය, ඉතා කළුවර විය. වරින් වර, අඳුර තුළ වෙඩිල්ලක් පත්තු වන ශබ්දය පැතිරිණි. ගමන් කිරීමේ වේගය පවත්වා ගත නොහැකි කාට වුව ද, වෙඩි තබන ලෙස, නියෝග කර තිබිණි. තුවක්කුවේ කොකා මත ඇඟිලි තබා ගෙන සිටි ඔවුන්, වෙඩි තබා මරා දැමීමේ සතුට අහිමි කර ගැනීමට කැමැති වූයේ නැත. අප අතරින් එක් අයකු, මොහොතක් නතර වුණොත්, ඒ ජරා බල්ලා' මරා දමනු ඇත.

ISBN
9786245710836
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාත්‍රිය - දයාවංශ ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.